අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ අනිද්දා එයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්යංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඉන්දියාව සහ නේපාලයේ සංචාරයක නිරත වන අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ඩොනල්ඩ් ලූ අනිද්දා (05) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.

කාලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සදහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගිතාව ශක්තිමත් කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

මෙම සංචාරය තුළ ශ්‍රී ලංකාවේ නව රජයේ ප්‍රධානීන් සමග ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *