අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්… විසුරුවාහැරීමේදී උණුසුම් තත්ත්වයක්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධාන කර තිබුණි.

ඒ, පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමිනි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *