දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වමින් අතුරු තහනමක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇත. 

කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කෙරුණු ඉල්ලීමට අධිකරණය අවසර ලබා දී නොමැති බව වැඩි දුරටත් සඳහන්වේ

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *