ගිනිඅවියක් අතදරා ගමක් බිය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට.

ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කර බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 49ක කාන්තාවක් තුවාල ලබා කහතුඩුව වෑතර දිසාරෝහල වෙත ඇතුළත් කර ඇත.සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් හා මන්නයක් ද පොලිස් භාරයට ගෙන ඇත.සැකකරු ගිනිඅවිය සහ ලයිටරයක් අතැතිව තමා අත්අඩංගුවට ගැනීමට පැමිණෙන පොලීසියට වෙඩි තබන බවට තර්ජනය කරමින් හැසිරුණු බව වැඩිදුර සඳහන්ය.මත්ද්‍රව‍ය පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම කප්පම් ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.අදාළ පුද්ගලයා මීට පෙර පුද්ගලයන් සිව්දෙනෙකු තියුණු ආයුධවලින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර දඬුවම් විදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.අවුරුදු 32ක් වන සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *