ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම අද (16) සමත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 198කි.
ඊට පිළිතුරු ලෙස බංගලාදේශ පිළ ලකුණු 426ක් ලබාගැනීමට සමත්විය.
අනතුරුව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 228ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණය.
ඒ අනුව තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 57ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.
මෙම ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගත් තෙවන ආසියානු රට ලෙසට බංග්ලාදේශ කණ්ඩායම වාර්තා පොත් අතරට එක්විය.
එමෙන්ම පසුගිය වසර තිහක් තුළ ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගත් දෙවන ආසියානු රට ලෙසට බංග්ලාදේශය සැලකෙන අතර පාකිස්තානය 1995 වසරේදී ටෙස්ට් තරගයක් ජයගත්තේය.
පාකිස්තානය, ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ හත්වන ටෙස්ට් තරගය ජයගත් අතර ඉන්දියාව සිය මංගල ටෙස්ට් තරග ජය වාර්තා කළේ, ඔවුන්ගේ 12 වන ටෙස්ට් තරගයේදීය.
කෙසේවෙතත් බංග්ලාදේශය තමන් ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ තෙවන තරගයේදී ප්‍රථම ටෙස්ට් ජයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න