Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සකර්බර්ග්ට ඊයේ බිලියන 08ක පාඩුවක් සිදුවෙයි

By News Team on October 5th, 2021 in Gossip

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම්, වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මාර්ක් සකර්බර්ග්ට ඊයේ (04) දිනයේ ඩොලර් බිලියන 08ක පාඩුවක් සිදුව තිබෙනවා.

ඒ ඊයේ (04) පැය 06කට ආසන්න කාලයක් පුරා බිඳ වැටීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු කොටස් වෙළඳපොල තුළ අදාළ සමාගම්වල කොටස් මිළ සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බවයි.

එම බිඳ වැටීමත් සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයන් කෝටි 350කට ඉක්මවූ පිරිසකට මෙම දුරකථන යෙදවුම් සහ සේවා ලබා ගැනීමට හැකි වුණේ නැහැ.

කෙසේ නමුත් අද (05) අලුයම් කාලයේ එම සමාජ මාධ්‍ය ත්‍රිත්වය යළි සක්‍රීය කර බවයි ෆේස්බුක් ආයතනය කියා සිටියේ.

මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් පරිශීලකයින්ගෙන් එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමාව අයැද සිටියා.

මේ අතර අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය බිඳ වැටීම ලක්වන විට ට්විටර් සමාජ මාධ්‍ය වෙත විශාල පරිශීලකයන් පිරිසක් පැමිණ ඇති බවයි.