Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යුපුන් ඔලිම්පික් තරඟාවලියෙන් ඉවතට

By News Team on August 1st, 2021 in Sport

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ යන ස්ථාන 03 ම හිමි කර ගැනීමට ජැමෙයිකාව සමත් වුණා.

එහිදී ඔලිම්පික් තරඟ වාර්තාවක් බිහිකරමින් රන් පදක්කම දිනාගත්තේ එලේන් තොම්ප්සන් විසිනුයි.

ඇය තරඟයේ දී වාර්තා කළ කාලය තත්පර 10.61 කි.

එලේන් තොම්ප්සන් මෙලෙස බිඳහෙලනු ලැබුවේ වසර 33කට පෙර එනම් 1988 වසරේ සෝල් ඔලිම්පික් උළෙලේ දී අමෙරිකානු ක්‍රීඩිකා ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් විසින් තැබූ වාර්තාවකි.

මේ අතර ඊයේ (31) ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් හට ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත් වීමට සිදුවුණා.

එහිදී පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ මුලික තරඟයේ දී ඔහු තත්පර 10.32 කාලයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව යුපුන්ට තරඟය අවසානයේ හිමිවුයේ 06 වැනි ස්ථානයයි.