Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

යුගදනවී පෙත්සම් විභාගයට පුර්ණ විනසුරු මඩුල්ලක් ඉල්ලයි

By News Team on November 12th, 2021 in Local

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම අභියෝගයට ලක්කර ගොණු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කලා.

ඒ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 කට ආසන්න සංඛ්‍යාවක් අද නැවතත් කැඳවූ අවස්ථාවේදීයි.

බුවනෙක අලුවිහාරේ, ඒ එච් එම් ඩී නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේදී අද (12) පෙත්සම් කැඳවනු ලැබුවා.

ඒවා වැඩිදුර සළකා බැලීම සඳහා කැඳවීම ලබන 26 වනදා සිදුකෙරෙනු ඇති.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුලු පාර්ශව ගණනාවක් විසින් මෙම පෙත්සම් ගොණු කර තිබෙනවා.