Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කොරෝනා එන්නත් ගැන අසත්‍ය තොරතුරු ගිය නාලිකා අවහිර කරන්න යුටියුබ් සමාගම තීරණය කරයි

By News Team on September 30th, 2021 in Gossip

කොරෝනා එන්නත් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සියලු පළකිරීම් ඉවත් කිරීමට යුටියුබ් සමාජ මාධ්‍ය ජාලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අනුමත කර ඇති එන්නත් භාවිතා කිරීමෙන් පසු සංකුලතා, ලිංගික බෙලහීනතා, අතුරුඵල වැනි දේ සම්බන්ධයෙන් ඇතිවිය හැකි බවට අදහස් දක්වා ඇති සියලු වීඩියෝ ඉවත් කිරීමට නියමිතයි.

ඊට අමතවර එවැනි විරෝධතා ප්‍රචාරයන් ගෙන ගිය යුටියුබ් ගිණුම් අවහිර කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

කොරෝනා එන්නත්කරණය සම්බන්ධ දුර්මත වළක්වාලීමට තාක්ෂණික දැවැන්තයන් ප්‍රමාණවත් පියවර නොගන්නා බවට එල්ලවී ඇති චෝදනාත් සමඟයි යුටියුබ් විසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.