Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තව මාස 18කින් ග්‍රෙගරි වැව උඩින් යන්න ඔබට අවස්ථාව

By News Team on December 10th, 2021 in Business

ලංකාවේ සංචාරක නව පුනරුදයක් ලබාදෙමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියකට ස්විස්ටර්ලන්තේය ආයෝජකයකු සමග ගිවිසුමකට එළැඹ තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංචාරක මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කිරීමට ඇරඹෙනවා.

පරිසරයට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් ඈතින් පිහිටි නුවරඑලිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ඇරඹීමට නියමිතයි.

ආරම්භ කර දිනයේ සිට මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 ක් බවයි වාර්තා වන්නේ.