Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදියි

By News Team on September 22nd, 2021 in Gossip

කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාට ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව යොහානි ද සිල්වා කියා සිටින්නීය.

30 වැනිදා ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් ඔ හිදීත් , ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රාබාද්හී හාට් කප් අවහන්හලේදී මෙම සංගීත ප්‍රසංග දෙක පැවත්වෙන බව ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමන් මේ බව පවසන්නීය.

සැම විටම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත් , අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි යැයිද ඇය එම සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ ප්‍රතිනිර්මාණය කෙරෙහි ඉන්දීය ජනතාව දැක්වූ ආකර්ශනය තමාට තවමත් අදහාගත ‌නොහැකි කාරණයක් බවද ඇය කියා සිටින්නීය.

ඉන්දියාවේ ප්‍රකට ජනමාධ්‍ය ආයතනයක් වන සී ලයිව් ඉන්ඩියා සමාගම හා සූපර් මූන් යන ආයතනය යොහානී ගේ මෙම සංගීත ප්‍රසංග දෙක සංවිධානය කරනු ලබයි.

මේ අතර ගායිකා යොහානි ද සිල්වා ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නවතම සංස්කෘතික තනාපතිනි යොහානි ද සිල්වා වන බවත් , ඇය මේ වන විට ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාලිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතක් බවත්ය.

තිළිණි ද සිල්වා – ලංකාදීප