Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කොරෝනා ආසාධිතයින් 869යි මරණ 32යි

By News Team on July 6th, 2021 in Local

ඊයේ (05) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 869ක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිත ගණන 266499ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටමින් ගණන 28321ක් වන අතර වෛරස් ආසාධිතයින් අතුරින් සුවය ලැබූ සමස්ථ ගණන 234942ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ (05) කොරෝනා මරණ 32ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 3268 දක්වා ඉහළ ගියා.