Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 4483යි මරණ 198යි

By News Team on August 26th, 2021 in Local

සිව්වන දිනයටත් ශ්‍රී ලංකාවෙන් දෛනික කොරෝනා ආසාධිතයින් ගණන 4000 සීමාව ඉක්මවා ගියා.

වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ ඊයේ (25) දිනයේ මෙරටින් කොරෝනා ආසාධිතයින් 4483 දෙනෙක් වාර්තා වූ බවයි.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 407768ක් දක්වා ඉහළ ගියා.

දැනට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 50890ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 348930ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (25) දිනයේ තවත් කොරෝනා මරණ 198ක් සෞඛ්‍යය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 7948 දක්වා ඉහළ ගියා.