Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 4446යි මරණ 190යි

By News Team on August 25th, 2021 in Local

අඛණ්ඩව තුන්වන දිනටත් ශ්‍රී ලංකාවෙන් දෛනික ආසාධිතයින් ගණන 4000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ (24) දිනයේ කොරෝනා ආසාධිතයින් 4446 දෙනෙක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මෙම ආසාධිතයින් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 398801 දෙනෙක් වාර්තා වුණා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 44474 ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 346767ක් ලෙසයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ (24) දිනයේ තවත් කොරෝනා මරණ 190ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 7750 දක්වා ඉහළ ගියා.