Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වැඩිම දෛනික ආසාධිතයින් සහ මරණ ගණන ඊයේ වාර්තා වෙයි

By News Team on August 22nd, 2021 in Local

ඊයේ (21) දිනයේ දී කොරෝනා ආසාධිතයින් 3884 දෙනෙක් හඳුනා ගැනුණා.

මෙම ආසාධිතයින් ගණන සැලකෙන්නේ කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකාවෙන් එක් දිනකදී සටහන් වූ වැඩිම කොරෝනා ගණන ලෙසයි.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 385696ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 55123 දෙනෙක් අතර වෛරසය ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 323390ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (21) දිනයේ තවත් කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඊයේ (21) වාර්තා වූ මෙම මරණ ගණනත් සමඟ ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ 7000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 7183ක් දක්වා ඉහළ යනු ඇති.