Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 3466යි මරණ 167යි

By News Team on August 17th, 2021 in Local

ඊයේ (16) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 3466 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 362074ක් දක්වා ඉහළ ගියා.

දැනට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 43921ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 312057ක් ලෙසයි වාර්තා වුණේ.

මේ අතර පෙරේදා (15) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 167ක් සිදුව ඇති බව සෞඛ්‍යය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 6263ක් දක්වා ඉහළ යනු ඇති.