Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 3435යි මරණ 161යි

By News Team on August 16th, 2021 in Local

ඊයේ (15) දිනයේ දී තවත් කොරෝනා ආසාධිතයින් 3435 ක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 354968ක් දක්වා ඉහළ යනු ලබනවා.

දැනට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 39301ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 309732 ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 6000 සීමාව ඉක්මවා ගියා.

පෙරේදා (14) මෙරටින් තවත් කොරෝනා මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමඟයි.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 6096ක් දක්වා ඉහළ යනු ලබනවා.