Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 2815යි මරණ 98යි

By News Team on August 8th, 2021 in Local

ඊයේ (07) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 2815 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 327038 දක්වා ඉහළ ගියා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන් 31325ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 290794ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (07) දිනයේ ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ ගණන් 5000 සීමාව ඉක්මවා ගියා.

ඒ ඊයේ (07) දිනයේ වාර්තා වූ මරණ 98ත් සමඟයි.

මෙම මරණ ගණනත් සමඟ සමස්ථ කොරෝනා මරණ 5017ක් දක්වා ඉහළ ගියා.