Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 2271යි මරණ 118යි

By News Team on September 17th, 2021 in Local

ඊයේ (16) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 2271ක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 498694ක් දක්වා ඉහළ ගියා.

58287 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 428590ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (16) දිනයේ මෙරටින් කොරෝනා මරණ 118ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 11817ක් දක්වා ඉහළ ගියා.