Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කොරෝනා ආසාධිතයින් 2093යි මරණ 71යි

By News Team on June 23rd, 2021 in Local

ඊයේ (22) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 2093 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිත ගණන 243913කි.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 31984ක් වන අතර වෛරස් ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ සමස්ථ ගණන 209296ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ඊයේ (22) මෙරට සමස්ථ කොරෝනා ආසාධිත මරණ 71ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට සමස්ථ මරණ ගණන 2704 ක් දක්වා ඉහළ යනු ඇති.