Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කොරෝනා ආසාධිතයින් 1270යි මරණ 40යි

By News Team on July 9th, 2021 in Local

ඊයේ (08) ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 1270 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 269946කි.

මේ දක්වා මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 27011ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 239584ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 40ක් ඊයේ (08) දිනයේ වාර්තා වුණා.

ඒ සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 3391ක් දක්වා ඉහළ යනු ලබනවා.