Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඊයේ වැඩිම දෛනික කොරෝනා ආසාධිතයින් සහ මරණ ගණන වාර්තා වෙයි

By News Team on August 27th, 2021 in Local

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් අනතුරුව දෛනිකව වාර්තා වූ වැඩිම ආසාධිතයින් ගණන ඊයේ (26) වාර්තා වුණා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ (26) දිනයේ දී තවත් නව ආසාධිතයින් 4602ක් හඳුනාගත් බවයි.

මෙම ආසාධිතයින් පිරිස සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 412370ක් දක්වා ඉහළ ගියා.

දැනට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 53353ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 351069ක් ලෙසයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ (26) දිනයේදී තවත් කොරෝනා මරණ 209ක් සෞඛ්‍යය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

එය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් අනතුරුව එක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ ගණන ලෙසයි.

ඊයේ (26) දිනයේ වාර්තා වූ මෙම කොරෝනා මරණත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණනද 8000 සීමාව පසු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 8157ක් දක්වා ඉහළ ගියා.