Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 3263යි මරණ 160යි

By News Team on August 15th, 2021 in Local

ඊයේ (14) දිනයේ දී කොරෝනා ආසාධිතයින් 3263 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 351533ක් දක්වා ඉහළ ගියා.

දැනට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ගණන 38413ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 307345ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (14) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 160ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

එය දිනක් තුළදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ලෙසයි සැලකෙන්නේ.

මෙම මරණ ගණනත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 5935ක් දක්වා ඉහළ ගියා.