Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 3152යි මරණ 155යි

By News Team on August 14th, 2021 in Local

ශ්‍රී ලංකාවෙන් අඛණ්ඩව 02 වන දිනටත් දෛනික කොරෝනා මරණ 150ක් ඉක්මවා වාර්තා වුණා.

ඒ පෙරේදා (12) දිනයේ සිදුවූ මරණ 155ක් ඊයේ (13) දිනයේ දී සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟයි.

මෙම මරණ ගණනත් සමඟ ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ ගණන 5775ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ඊයේ (14) දිනයේ දී ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාධිතයින් 3000 ඉක්මවා වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (14) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 3152 දෙනෙකු හඳුනා ගැනුණා.

මෙම ආසාධිතයන් ගණනත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 348270ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 38022ක් වන අතර මෙරට වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ සමස්ථ ගණන 304628ක් ලෙසයි සටහන් වුණේ.