Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 2956යි මරණ 94යි

By News Team on August 9th, 2021 in Local

ඊයේ (09) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 2956 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ගණන 329994ක් දක්වා ඉහළ ගියා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 31620ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 293357ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (08) දිනයේ දී කොරෝනා මරණ ගණන 94ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 5111ක් දක්වා ඉහළ ගියා.