Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 2917යි මරණ 185යි

By News Team on September 9th, 2021 in Local

ඊයේ (08) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 2917 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 474780ක් දක්වා ඉහළ ගියා.

74122 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 389699ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (08) දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 185ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 10689 දක්වා ඉහළ ගියා.