Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 2794යි මරණ 98යි

By News Team on August 7th, 2021 in Local

ඊයේ (06) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 2794 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 324233ක් ඉහළ ගියා.

දැනට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 31095ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 288307ක් ලෙසයි සඳහන් වුණේ.

මේ අතර ඊයේ (06) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 98ක් වාර්තා වුණා.

මෙම මරණ ගණන සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ එක් දිනකදී සටහන් වූ වැඩිම කොරෝනා මරණ ගණන ලෙසයි.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 4919ක් දක්වා ඉහළ ගියා.