Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ දිනයේ ආසාධිතයින් 2561යි මරණ 82යි

By News Team on August 5th, 2021 in Local

ඊයේ (04) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 2561 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 318755ක් දක්වා ඉහළ යනු ඇති.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 29586ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ 284524 ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (04) දිනයේ තවත් කොරෝනා මරණ 82ක් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 4727 දක්වා ඉහළ යනු ඇති.