Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 2510යි මරණ 67යි

By News Team on August 2nd, 2021 in Local

ඊයේ (01) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 2510 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාධිත ගණන 311349ක් දක්වා ඉහළ ගියා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 27988ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 278910ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (01) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 67ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 4508ක් දක්වා ඉහළ ගියා.