Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 1737යි මරණ 52යි

By News Team on July 25th, 2021 in Local

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 1737 දෙනෙක් ඊයේ (24) දිනයේ හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 294850ක් දක්වා ඉහළ යනු ඇති.

මේ දක්වා මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටි ගණන 24183ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ සමස්ථ ගණන 266665ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (24) දිනයේ තවත් කොරෝනා මරණ 52ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 4054ක් දක්වා ඉහළ ගියා.