Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 1711යි මරණ 48යි

By News Team on July 28th, 2021 in Local

ඊයේ (27) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 1711 හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිත ගණන 299892ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 25389ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 270356ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (27) දිනයේ කොරෝනා මරණ ගණන 48ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිත මරණ ගණන 4195ක් දක්වා ඉහළ ගියා.