Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලොව පළමු ඔමික්‍රොන් කොවිඩ් මරණය බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි – චිනයටත් ඔමික්‍රොන් ආසාධිතයෙක් හමුවෙයි

By News Team on December 14th, 2021 in International

කොවිඩ් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධනය වීමෙන් ලොව පළමු මරණය ඊයේ (13) මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා.

එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ඊයේ (13) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔමික්‍රොන් යනු එතරම් බරපතළ ප්‍රභේදයක් නොවන්නේ යැයි මතයෙන් බැහැර වෙන ලෙසයි.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ බුස්ටර් මාත්‍රාව හැකි ඉක්මණින් ලබා ගන්නා ලෙසයි.

මේ අතර චීනයෙන් පළමු ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාධිතයෙක් හඳුනාගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ විදේශයක සිට ටියැන්ජින් නගරයට පැමිණි පුද්ගලයෙක් මෙලෙස නව ප්‍රභේද ආසාධිතයෙක් ලෙස තහවුරු කරගෙන ඇති බවයි.

චීන බලධාරීන් විසින් මේ දක්වා මෙම ආසාධිතයා කුමන රටක සිට පැමිණ ඇත්දැයි අනාවරණය කර නැහැ.