Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් අනුමත වෙයි

By News Team on October 2nd, 2021 in Business

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු හා ඊට අනුබද්ධිත කෘෂිකාර්මික සේවා දියුණු කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් අනුමත වී ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ සඳහා පසුගිය 30 වනදා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සැපයුම්දාමයන් එකිනෙකට සම්බන්ධ කිරිම සඳහා ආරක්ෂාකාරී, දේශගුණික බලපෑම්වලට ඔරොත්තුදෙන මාර්ග පද්ධතියක් සැකසීම සඳහා වූ අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (Inclusive Connectivity and Development Project) යටතේ එම ණය මුදල් අනුමත කර තිබෙනවා.