Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පැය 48කදී කොරෝනා මර්ධන කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් අස්වෙයි

By News Team on September 8th, 2021 in Local

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (07) දිනයේ තමන් එම කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බවයි ඔහු සඳහන් කළේ.

තමන්ගෙන් එම කමිටුවට ප්‍රයෝජනයක් නොමැති බව හැගීගිය හෙයින් ඉල්ලා අස් වූ බව ද අශෝක ගුණරත්න මහතා කියාසිටියා.

විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විද්‍යාත්මක පදනමකින් තොරව එන්නත්කරණය පිළිබඳව ගන්නා තීන්දුවට විරෝධය පළ කරමිනුයි නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඉල්ලා අස්වී ඇත්තේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද පෙරේදා දිනයේදී කොරෝනා පාලන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වුණා.

ඒ අනුව තාක්ෂණික කමිටුවෙන් සාමාජිකයන් දෙදෙනෙකු පැය 48 ක් තුළ ඉල්ලා අස්වී අවසන්.