Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හෙට විදුලිය කැපෙයි ද?

By News Team on November 2nd, 2021 in Local

යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට විරෝධය පළ කරමින් හෙට (03) දිනයේ දී උද්ඝෝෂණය ක්‍රියාත්මක කළත් රටේ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව ලංකා විදුලි සේවක සංගමය සහතිකයක් ලබා දෙනවා.

හෙට (03) දිනයේ ක්‍රියාත්මක උද්ඝෝෂණයේ දී රට පුරා විදුලි විසන්දි කිරීමක් සිදුකරන බවට පැතිර යන මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලබාදෙමින් ඔවුන් මේ බව කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය ප්‍රකාශ කළේ හෙට (03) දිනයේ දී ක්‍රියාත්මක කරනු උද්ඝෝෂණ ව්‍යාපාරයක් මිස වැඩ වර්ජනයක් නොවන බවයි.