Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රට විවෘත කරනවාද? නැද්ද? – අවසන් තීරණය අද

By News Team on September 17th, 2021 in Local

එළඹෙන 21 වනදා පසු ඇඳිරි නීතිය දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසන් තීරණය අද (17) ගැනීමට නියමිතයි.

ඒ අද (17) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කොරෝනා මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීයි.

සංචරණ සීමා ලිහිල් කර නැවත රට විවෘත කරන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සකස් කෙරුණු නිර්දේශ මාලාවක් අද (17) රැස්වීමේදී ඉදිරිපත් කෙරෙනු ඇති.

ලබන 21 වනදායින් පසු රට විවෘත කරන්නේ නම් පැණවිය යුතු සීමා ඇතුලු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායට දන්වා තිබුණා.

එමෙන්ම පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කරන නිර්දේශ මාලාවක්ද මෙම කමිටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන අÛහරුවාදා අලුයම 04 ටයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වනදායි.