Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඇමති ජොන්ස්ටන්ට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද ? තීරණය දෙසැම්බර් 03 වනදා

By News Team on October 29th, 2021 in Local

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසකට එරෙහි සතොස අල්ලස් නඩු චෝදනා තවදුරටත් පවත්වාගෙන යන්නේද යන තීරණය ලබන දෙසැම්බර් 03 වනදා අධිකරණයට දැනුම් දෙන බව අල්ලස් කොමිසම පවසනවා.

ඒ අදාළ නඩු විභාග කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අද යළි විභාගයට ගත් අවස්ථාවේදියි.

පැවති නිදහස් සන්ධාන රජය සමයේ එවක වෙළඳ අමාත්‍යවරයාව සිටියදී සතොස ආයතනය තුළ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙනුයි අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසකට එරෙහිව නඩු 05 ක් පවරනු ලැබුවේ.

ඉන් 03 කින් ඔවුන් දැනටමත් නිදහස් කර තිබෙනවා.

සෙසු නඩු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද නොමැතිද යන තීරණයයි ලබන දෙසැම්බර් 03 වනදා අධිකරණයට දැනුම්දීමට නියමිතව ඇත්තේ.