Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති හදිසියේ ලන්ඩන් යන්නේ ඇයි?

By News Team on October 18th, 2021 in Exclusive Story

ජනාධිපතිවරයා තවත් වෙනස්කම් රැසක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව ආණ්ඩුව ඇතුළෙන් ලැබෙන අභ්‍යන්තර තොරතුරුවලින් දැනගන්නට තිබේ.

මෙම වෙනසත් සමග මෙතෙක් ලංකාවේම කාලය ගත කළ ජනාධිපතිවරයා විදෙස් සංචාර කිහිපයකට එක්වීමටද සැලසුම් කොට ඇති බවක් දැනගන්නට ඇත. එහි පළමු සංචාරය වී ඇත්තේ ඉන්දියාවය.

ඒ, ලබන 20 වැනිදා ඉන්දියාවේ කුෂිනගර්හි නව ගුවන්තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය.

බුදුන්වහන්සේ පිරිනිවන් පෑ ස්ථානයට ආසන්නයෙන් මෙම කුෂිනගර් ගුවන් තොටුපළ ඉදිවී තිබීම හේතුවෙන් ලංකාවේ බෞද්ධ ජනතාවටද මෙම ගුවන් තොටුපොළ ඉමහත් වැදගත් ස්ථානයක් බවට පත්ව තිබේ.

කෙසේවෙතත් ආණ්ඩුව ඇතුළෙන් ලැබෙන තොරතුරුවලට අනුව මුලින් කියැවුණේ මෙම සංචාරය සඳහා මුලින් ඉන්දියාව පාර්ශ්වයෙන් අගමැතිවරයාට ආරාධනා ලැබුණු බවකි.

නමුත් අගමැතිවරයා මේ දිනවල විදෙස් සංචාරවලට එක්වීමෙන් වැළකී සිටීම මුල් කරගෙන ඊට නාමල්ගේ නම යෝජනා වී තිබිණි.

ඒ අනුව භික්ෂුන්වහන්සේ 125 නමක් සමග නාමල් මෙම උත්සවයට සහභාගි වන බව තහවුරු කොට තිබිණි.

කෙසේ වෙතත් මේ වන විට තීන්දු වී ඇත්තේ නාමල් නොව ජනාධිපතිවරයාම එම උත්සවයට සහභාගි වීමටය.

මෙය ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මහතාගේ ලංකා සංචාරයෙන් පසු ගත් තීන්දුවක්ද යන්න තහවුරු වී නොමැති නමුත් එළැඹෙන 20 වැනිදා ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ ඉන්දියාව බලා පිටත්ව යෑමටය.

එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග ජනාධිතිවරයා විශේෂ සාකච්ඡා වටයක් පැවැත්වීම සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

මෙම ඉන්දීය සංචාරයෙන් පසු ජනාධිපතිවරයා තවත් විදේශ සංචාරයකට සහභාගි වීමට නියමිතව තිබේ.

ඒ, ලබන ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 12 දක්වා එංගලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වීමට නියමිත ‘කොප් 26’ සමුළුවට සහභාගි වීම සඳහාය. දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව සඳහා ජනාධිපතිවරයා වෙත ආරාධනා ලැබුණේ ඉකුත් ජුලි මාසයේදීය.

ඒ, ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර භාවිතය තහනම් කොට කාබනික පොහොර භාවිතයට රට හුරුකරවන බවට ගනු ලැබූ තීන්දුවත් සමගය.

දැඩි ආන්දෝලනාත්මක තීන්දුවක් මෙන්ම පරිසර හිතකාමී තීන්දුවක් බවට පත්වූ මෙම රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග මෙම ‘කොප් 26‘ සමුළුව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් එවමින් මෙම සමුළුව සඳහා සහභාගි වන ලෙසට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි.

එමෙන්ම මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගේ තීන්දුව ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කිරීමටද පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මේ ලිපිය ජනාධිපතිවරයා අතට ලැබෙන විට රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වුවත් සමුළුව පැවැත්වෙන ඔක්තෝබර් මාසය වන විට තත්ත්වය තරමක් වෙනස්වී තිබීම විශේෂිතය.

ගොවි ජනතාව රසායනික පොහොර නොමැතිව මරාගෙන මැරෙන සටනකට මේ වන විට අවතීර්ණ වී ඇති අතර දිනපතාම පාහේ රට පුරා ගොවි උද්ඝෝෂණ දැකගන්නට ඇත.

ඇතැම් ගොවියෝ රසායනික පොහොර නොමැතිව ගොවිතැන සම්පූර්ණයෙන්ම අතහැර දැමීමේ තීන්දුවකටද මේ වන විට පැමිණ ඇති බවක් දැකගන්නට තිබේ.

ගොවීන්ගෙන් ආණ්ඩුවට ආ පීඩනය නිසාම ආණ්ඩුව මීට සතියකට ඉහතදී තේ සඳහා රසායනික පොහොර පෙන්වීමට අවසර ලබාදුන් අතර මේ සතියේදී බඩඉරිඟු සඳහාද රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබාදුන්නේය.

ඉදිරියේදී තවත් බෝග කිහිපයකට මෙම තහනම ලිහිල් කිරීමට ආණ්ඩුව මේ වන විට තීන්දු කර තිබීම නිසා මෙම සමුළුවට ජනාධිපතිවරයා සහභාගි වන්නේ රසායනික පොහොර තහනමේ තීන්දුවද රිවර්ස් වෙමින් පවතින පසුබිමකය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ලන්ඩන් සංචාරය පිළිබඳ පාර්ශ්ව ගණනාවක්ම මේ වන විට විපරම්සහගතව සිටින ආකාරයක් දැකගන්නට තිබේ.

ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ආමන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාවට ගොස් තමන් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බවට ප්‍රසිද්ධියේම කළ ප්‍රකාශයය.

ජනාධිපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව දෙමළ ඩයස්පෝරාව මිශ්‍ර ප්‍රතිචාර දැක්වූ අතර ඉන් ප්‍රධානම කණ්ඩායමක් රැඳී සිටින්නේ ලන්ඩනයේය.

ඒ සුරේන් සුරේන්ද්‍රන් නියෝජනය කරන ගෝලීය දෙමළ සංසදයය.

ඒ අනුව ජනාධිපතිවරයා සිය එංගලන්ත සංචාරය තුළදී සුරේන් සුරේන්ද්‍රන්ට සාකච්ඡා සඳහා ආරාධනා කරනු ඇතිද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානයක් යොමුව ඇති බවක් දැකගන්නට ඇත.

එසේ ජනාධිපතිවරයා ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කරනු ලැබුවහොත් එය ඓතිහාසික හමුවක් වනවා පමණක් නොව බොහෝ ගැටලු විසඳාගැනීම සඳහා විශාල ආරම්භයක්ද වනු ඇත.

මව්රට