Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වැලිකඩ සිරකරුවන් යළිත් වහලයක් මත නැගී විරෝධතාවයක

By News Team on June 27th, 2021 in Local

වැලිකඩ සහ මහර බන්ධනාගාරවල සිටින මරණීය දණ්ඩනය නියමවූ රැඳවියන් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

රැඳවියන් 175 දෙනෙක් පමණ මෙම වර්ජනයේ නිරත වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කාර්යලය සඳහන් කළේ.

මෙම රැඳවියන් වර්ජනයේ නිරත වෙමින් ඉල්ලීම් කරන්නේ තමන්ට නියමවී ඇති මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් පත්කරන ලෙසයි.

මේ අතර වර්ජනයේ නිරත වන විරෝධතාකරුවන් සමඟ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වී. ආර්. සිල්වා මහතා සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

එහිදී ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන බවටයි ලේකම්වරයා පොරොන්දු වී ඇත්තේ.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ වහළයක් මත විරෝධතාවක නිරත වී සිටි සිරකරුවන් පිරිසක් ඊයේ (26) එම ක්‍රියාමාර්ග අවසන් කර තිබූ නමුත් අද (27) දිනයේ දී යළිත් එම පිරිස විරෝධතාව ආරම්භ කර තිබෙනවා.