Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රත්වත්තේ ගිය වැලිකඩ සහ අනුරපුරේ බන්ධනාගාරයේ CCTV නෑ

By News Team on September 18th, 2021 in Local

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධති සවිකර නොමැති බව මාධ්‍ය වාර්තා කරනවා.

මාධ්‍ය මේ බව වාර්තා කර ඇත්තේ බන්ධනාගාර මූලස්ථානය කළ ප්‍රකාශ උපුටමින්.

CCTV කැමරා පද්ධති සවි කර ඇත්තේ, බූස්ස, අගුණකොළපැළැස්ස සහ කළුතර යන බන්ධනාගාරවල පමණක් බවයි බන්ධනාගාර මුලස්ථාන ආරංචි මාර්ග සදහන් කරනවා.

එම නිසා බන්ධනාගාර විෂය සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා විසින් සිදුකරනු ලැබූ බව කියන සිද්ධියට අදාළව විමර්ශනයේදී CCTV දර්ශන උපයෝගී කර ගත නොහැකි වන බවයි බන්ධනාගාර නිලධාරීන් කියන්නේ.

එසේ වුවත් මෙරට සෑම බන්ධනාගරයකටම ඇතුලු වන ඕනෑම පුද්ගලයකුගේ සටහන් තබා ගැනීමේ ‘ලොග් සටහන් පොතක්’ සියලු බන්ධනාගර වලම ඇති බවත් විශේෂයෙන්ම බන්ධනාගාර තුළ සෑම අංශයකම එවැනි ‘ලොග් සටහන් පොත්’ ගණනාවක් ම ඇති බවත් එම නිලධාරීන් කියා තිබෙනවා.