Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වැලමිටියාවේ කුසලධම්ම හිමි අපවත් වෙයි

By News Team on October 28th, 2021 in Local

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් අපවත් වී තිබෙනවා.

ඒ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අපවත් වනවිට උන්වහන්සේ 84 වන වියෙහි පසුවුණා.

1937 වසරේ පෙබරවාරි 20 වැනි දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමිනුයි උන්වහන්සේ උපත ලබා තිබුණේ.

1954 ජනවාරි මස 07 වන දින පැවිදි දිවියට ඇතුළත් වූ කුසලධම්ම හිමියන් එවක විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්තා.

1983 වසරේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ ධූරයට පත් වූ උන්වහන්සේ 1990 දී එහි පරිවේණාධිපති ධුරයට පත්වුණා.

මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවනු ලැබුවේද උන්වහන්සේ විසිනුයි.