Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වැලමිටියාවේ කුසලධම්ම හිමි අද දැයෙන් සමු ගනී

By News Team on October 31st, 2021 in Local

අපවත්ත වී වදාළ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්වසේගේ ශ්‍රී දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (31)දි නයේදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව අද (31) පස්වරු 1 යි 30 ට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උන්වහන්සේගේ දේහය පිළිබද ආදාහන පූජෝත්සය පැවැත්වෙනු ඇති.

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්වසේගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර අද (31) පස්වරු 12.30ට පෑලියවගාඩ විද්‍යාලංකාර පිරිවනෙන් පිටත්ව නුවර පාර ඔස්සේ කැලණි පාලම, බේස්ලයින් පාර, බණ්ඩාරනායක මංසන්ධිය, ඔරුගොඩවත්තත මංසන්ධිය හරහා ඉංග්‍රම් මංසන්ධිය ඔස්සේ දෙමටගොඩ මංසන්ධියට පැමිණීමට නියමිතයි.

ඉන් අනතුරුව බන්ධනාගාර මංසන්ධිය, බොරැල්ල මංසන්ධිය ඔස්සේ ඩි.එස් සේනානායක මංසන්ධියට පැමිණෙනු ඇති.

ඉන්පසුව හොර්ටන් විජේරාම මංසන්ධිය, හොර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් මංසන්ධිය , නිදහස් වටරවුම සහ නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණීමට නියමිතයි.

ඒ අනුව ආදාහන පූජෝත්සව රථ පෙරහැර ගමන් කරන අද දින මෙම මාර්ගවල අවහිරතාවයන් වැළැක්වවීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය මහජ්‍නතාවගෙන් ඉල්ලීමක් කරනවා.