Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අද මැදියම් රැයේ සිට විවාහ උත්සව තහනම් කෙරේ

By News Team on August 17th, 2021 in Local

අද (17) මැදියම් රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තෙක් නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව ගැනීම තහනම් වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රට පුරා කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් විවාහ ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බව පොලීසිය පවසනවා.

ඒ අනුව යම් ස්ථානයකදී සහ නිවසකදී විවාහ ලියාපදිංචි කරගැනීමේ හැකියාව පවතිනවා.

ඒ සඳහා මනාල යුවල, දෙපාර්ශ්වයේ දෙමව්පියන්, රෙජිස්ටාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට සහභාගී විය හැකියි.

ඒ හැර වෙනත් කිසිවෙකුටත් ඊට සහභාගීවීමට අවස්ථාවක් නොමැති බව පොලිසිය සඳහන් කළා.