Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විවාහ මංගල්‍යය උත්සව තහනම් වුවත් විවාහ ලියාපදිංචියට තවදුරටත් අවසර

By News Team on August 16th, 2021 in Local

අද (16) දිනයේ සිට නිරෝධායන නියෝග තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසනවා.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී අදාළ නියෝගය සහ සෞඛ්‍ය උපදෙස්වලට ගරු කරමින් නිවෙස් තුළට වී රැඳී සිටින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර හෙට (17) දිනයේ සිට විවාහ මංගල්‍යය සඳහා ද නීතියෙන් අවසර හිමි නොවන අතර සීමා සහිත පුද්ගල සහභාගීත්වයකින් විවාහ ගිවස ගැනීමේ කටයුතු සඳහා පමණක් අවස්ථාව ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.