Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

By News Team on October 11th, 2021 in Local

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරි පැය 24ක කාලය තුළදී ප්‍රදේශ රැසකට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.