Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අපේක්ෂා කළ කාලයට වඩා කොවිඩ් වසංගතය පවතින බවට අනතුරු ඇඟවීම්

By News Team on October 21st, 2021 in International

කොරෝනා වසංගතය අපේක්ෂා කළ කාලයට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

එම සංවිධානය ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ දිළිඳු රටවල් බහුතරයකට ප්‍රමාණවත් එන්නත් නොලැබීම බවයි.

මේ අනුව එළඹෙන වසර පුරාම කොරෝනා වසංගතය පවතිනු ඇති බවට ඔවුන් මත පළ කරනු ලබනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ ජනගහණයෙන් සියයට 05ක පමණ අගයකට පමණක් එන්නත් ලැබී ඇති බවයි.

නමුත් අනෙක් මහද්වීපවල සියයට 40ක් වැනි ඉහළ අගයක පිරිසක් එන්නත් ලබාගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

ධනවත් රටවල් රැසක් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් එක්රැස් කරගෙන සිටීමත් සංවර්ධනය වෙමින් පවතින රටවලට නිසි අන්දමින් එන්නත් නොලැබීමත් අනුමත කල නොහැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.