Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වනිඳු සහ චමීර රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වෙයි

By News Team on August 21st, 2021 in Sport

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් 2021 IPL තරඟාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

මෙලෙස ගිවිසුම් අත්සන් තබා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ දඟ පන්දු යවන වනිඳු හසරංගයි.

ඉන්දියාවේ පැවැති කොරෝනා තත්ත්වය හමුවේ මැයි මාසයේ දී තාවකාලික ලෙස IPL තරඟාවලිය අත්හිටු වූ අතර නැවත තරඟාවලිය ලබන මස 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරඟාවලියේ අවසන් මහා තරඟය ඔක්තෝබර් 15 වනදා ඩුබායි හිදී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු හසරංග මේ වන විට දෙවන ස්ථානයේ පවසුවනවා.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා IPL තරඟාවලිය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමෙන් අනතුරුව දින 06ක කාලයක් නිරෝධායනය වීමට නියමිතව තිබෙනවා.

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ පළමු තරගය ලබන මස 20 වනදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි පැවැත්වෙන්නේ.