Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙරට සිටින විදේශිකයන්ගේ විසා බලපත්‍ර වලංගු කාලය මසකින් දීර්ඝ කෙරේ

By News Team on July 9th, 2021 in Local

මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ විසා බලපත්‍රවල වලංගු කාලය තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අද (09) සිට ලබන මස 08 වනදා දක්වා එම වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ මෙරටට පැමිණ සිටින විදේශිකයන් විසින් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය පසුගිය මැයි මස 11 වන දින සිය දීර්ඝ කිරීමටයි පියවර ගැනුණේ.

ඒ අනුව අදාළ කාල සීමව තුළ කල් ඉකුත් වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කෙරෙන අතර කිසිදු දඩ මුදලක් අය නොකෙරෙනු ඇති.