Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

විජයගේ පුතා බස්නාහිරෙන් දේශපාලනයේ පළමු වෙඩි මුරය තබන්න සුදානම් වෙයි

By News Team on July 19th, 2021 in Gossip

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂය එක වේදිකාවට ගෙන ඒමට සමඟි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පිවිසි කුමාර වෙල්ගම මහතා අපි ශ්‍රී ලංකා නමින් නව පක්ෂයක් ආරම්භ කිරීමේ පිඹුරුපත් සකසමින් පවතින බව වාර්තා වනවා.

මෙහිදී ඔහුගේ යෝජනාව වී ඇත්තේ බස්නාහිර එකට තරඟකරමු යන්නයි.

එක යන්නෙන් අදහස් කිහිපයක් අරමුණු කර ඇති අතර එක යන්න පළමු ස්ථානය ලබා ගැනීම මෙන්ම එක්ව තරග කිරීම යන කාරණාවද ඉලක්ක කර තිබේ.

මෙහිදී මේවන විට බෙදී වෙන්ව සිටින සියලු පක්ෂ එක සන්ධානයකින් බස්නාහිරට තරඟ කර ආණ්ඩුව පරාජයට පත් කිරීම අරමුණ වී තිබේ.

ඒ අනුව කරූ පිල, සජිත් පිල, රනිල් පිල, මෛත්‍රී පිල, චන්ද්‍රිකා පිල, චම්පික පිල, මෙන්ම ටිරාන්, විමල්, ගම්මන්පිල කණ්ඩායම් ද ඒ සඳහා එක්කර ගැනීමට සැලැසුම් කර ඇතැයි පැවසේ.

මේ හැම පිලකම දෙවැනි පෙළක් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීම දැනට යෝජනා වී තිබේ.

කෙසේ නමුත් වෙල්ගමගේ පක්ෂයට සමගි ජනබලවේගයේ අභ්‍යන්තරයෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල වී නොමැති බවද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් වෙල්ගමගේ මෙම පක්ෂ හැදිල්ල පිළිබඳව දක්වා ඇත්තේ සුබවාදී ප්‍රතිචාරයක් බවද වාර්තා වේ.

මේ අතර, බස්නාහිර පළාත් සභා අපේක්ෂකයකු ලෙස ප්‍රවීන කළකරුවකු හා දේශපාලකයකු වූ විජය කුමාරතුංග මහතාගේ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ගෙනඒමටත් යොජනා වී ඇති බව පැවසේ.

මේ සන්ධානය නායකත්ව මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන සන්ධානයක් ලෙස මුලින් බස්නාහිර ජය ගැනීම අපේක්ෂාව බව පැවසේ.

ශ්‍රී ලංකා මිරර්