Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ප්‍රවීණ සංගීතවෙදී ලක්ෂමන් විජේසකර මහතා ජිවින තනුවට සමුදෙයි

By News Team on November 12th, 2021 in Local

සංගීත ක්ෂේත්‍රයේ දශක හතරකට අධික කාලයක් සුවිශේෂී නිර්මාණ රැසක් බිහිකළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු මෙන්මවෙ‍ළඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු ලෙස කටයුතු කළ ලක්ෂ්මන් විජේසේකර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 73 වියේ පසු වුවා.

දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයේ පසු වූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ ඔහු මියයන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

ලක්ෂමන් විජේසේකර විසින් ගැයු බාල ළමාවරුනේ, දැල් වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර , ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ, සඳ කිණිති නැමී ආදි ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීත ලෙස සැලකිය හැකියි.

එසේම, විලම්බීත (ටී.බී. ඉලංගරත්න), දඟයන්ට පමණයි (ළමා), ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවල ඔහු සංගීත අධ්‍යක්ෂණය ලෙස කටයුතු කළා.

අභාවප්‍රාප්ත සංගීතවේදී ලක්ෂමන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා හෙට (13) දින ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතයි.